Not seeing a Scroll to Top Button පරමධර්මවර්ධනාරාමය - උත්සව සහ වැඩසටහන්
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමය, බොරලැස්ගමුව
ගැලරිය - උත්සව සහ වැඩසටහන්
01. නව දේවාලය සදහා මුල් ගල තැබීම
පරමධර්මවර්ධනාරාමස්ථ ඉපැරණි දේවාල මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීමේ පුණ්‍ය කටයුත්ත විහාරාධිපති රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි, බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරන්ධර, මහාචාර්ය අතිපූජනීය බෙල්ලන්විල විමලරතනාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, 2012ක් වූ සැප්තැම්බර් මස 27 දින, පෙ.ව. 9.11ට යෙදුනු සුභ මොහොතින් ප්‍රදේශවාසී ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් සිදු විය.
02. ප්‍රජා සත්කාරය
රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ "පරමධම්ම පදනම" ඔස්සේ සමාජ සුභ සාධන සත්කාරයන් රැසක් සිදු කරනු ලබයි. මෙම පදනමෙන් සිදු කෙරෙන සමාජ සත්කාරක සේවාව ප්‍රධාන වශයෙන් කොටස් 5කින් සමන්විත වේ. ඉන් "සුව සවිය" සේවාවට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. සකල සත්වයාගේ උතුම්ම ලාභය නීරෝගීකම ලෙස වදාල උතුම් බුදු වදන පසක් කරගත් අප පදනම ජනතාවගේ යහපත් සෞඛ්‍යය පුරුදු ඔප්නංවමින්, වැඩි දියුණු කරමින් මිථ්‍යා සෞඛ්‍යය මත වලින් මිදුනු, යහපත් සෞඛ්‍යමත් නීරෝගී සමාජයක් බිහි කරලීම "සුව සවිය" තුළින් අපේක්ෂා කෙරේ. ආබාධිත හෝ උපකාර අවශ්‍ය ආර්ථික අපහසුතා ඇති ජන කොටස් වෙත විශේෂ අවධානය යොමු කරන අප පදනම ඔවුන් වෙත වෛද්‍යාධාර, මුදලින්, ද්‍රව්‍යමය වශයෙන් හෝ උපකරණ ආදීයෙන් උපකාර කිරීම "සුව සවිය" තුළින් අපේක්ෂා කෙරේ.
01. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට අලකොලමඩ ප්‍රදේශයේ සිදු කරනු ලැබූ ඇස් කණ්ණාඩි බෙදා දීමේ ප්‍රජා සත්කාරක වැඩසටහන
02. මහරගම පිළිකා රෝහල වෙත කුලගන සමිතියේ මූලිකත්වයෙන් සිදු කරනු ලැබූ වියළි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන
03. 2017 වසරේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාවට, වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන
03. ගම්මඩු ශාන්තිකර්මය
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය විසින් 2015 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගම්මඩු ශාන්තිකර්මය, සෑම වසරකම මාර්තු මස තෙවන සතියේදී පැවැත්වේ. ගමටත්, ගම් වැසියන්ටත් සෙත් පැතීම මෙහි අරමුණයි. මෙම ශාන්තිකර්මය සිදු කිරීමට තුන් මසකට පෙර කප් සිටුවීම සිදු කරනු ලබයි. පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අති දැවැන්තම අංගය මෙය වන අතර මීට සමගාමීව මහා පෙරහැරක් සහ දිය කැපීමේ පෙරහැරක්ද පවත්වනු ලබයි.
2015
2016
04. වාර්ෂික පෙරහැර මාලාව
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය විසින් 2015 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහා පෙරහැර, සෑම වසරකම මාර්තු මස තෙවන සතියේදී පැවැත්වේ. ගමටත්, ගම් වැසියන්ටත් සෙත් පැතීම මෙහි අරමුණයි. මෙම පෙරහැර රත්තණපිටිය වටා වීදි සංචාරය කරනු ලබන අතර පසු දින පවත්වනු ලබන දිය කැපීමේ පෙරහැරෙන් අවසන් වේ. ඉන්පසුව මහා ගම්මඩු ශාන්තිකර්මයක් සිදු කෙරේ.

ගම්වැසියන් විසින් සංවිධානය කරනු ලබන පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ කඨින පෙරහැර, සෑම වසරකම ඔක්තෝබර් මස පවත්වනු ලබයි.
05. ශ්‍රද්ධාංජලී ගී සමාධිය
"ශ්‍රද්ධාංජලී ගී සමාධිය" යනු පරමධර්මවර්ධනාරාම විහාරස්ථ, "සිරි පඤ්ඤානන්ද" දහම් පාසලේ සිසු දූ දරුවන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් සහ සහභාගීත්වයෙන් සංවිධානය කරනු ලබන සැදැහැ ගී ප්‍රසංගයකි. මෙම සැදැහැ ගී ප්‍රසංගය, ජූනි මසට යෙදෙන සෑම පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකම පවත්වනු ලබයි.
2015
2017
06. ලේ දන්දීමේ පිංකම
මෙම පිංකම, පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ආදි කතෘ දිනයට සමගාමීව, වාර්ෂිකව පවත්වනු ලබන පිංකමකි. මෙහි සංවිධායකත්වය විහාරස්ථානයේ "තරුණ බෞද්ධ සමිතිය" විසින් දරණු ලබයි.
07. බෝධි පරිශ්‍රය විවෘත කිරීම
පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අදහසකට අනුව, 2016 වසරේදී විහාරස්ථානයේ බෝධීන් වහන්සේ සහිත බෝ මළුව ප්‍රතිසංස්කරණයකට ලක් විය. එම නව ප්‍රතිසංස්කරණයේදී අටවිසි බුදුවරුන් සදහා වෙන් කරන ලද බුදු කුටි විසි අටක්, දර්ශනීය රන් වැටක්, උඩ මළුවක්, පහන් දැල්වීමට ප්‍රදේශයක් සහ ප්‍රාකාරයක් එක්විය. ප්‍රතිසංස්කරණය කරන ලද බෝධි පරිශ්‍රය, 2017 වසරේ ඔක්තෝබර් මස 01 වන ඉරිදා දින සවස 6.00ට මහා විහාර වංශික, සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ධූරන්ධර අතිගෞරවාර්හ ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අනුනායක ධූරන්ධර බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අතිගෞරවාර්හ බෙල්ලන්විල විමලරතනාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා ප්‍රදේශවාසී දායක දායිකා පිංවතුන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරෙනි.
08. අටවිසි බුද්ධ පූජා සහ බෝධි පූජා පිංකම
මෙම අටවිසි බුද්ධ පූජා සහ බෝධි පූජා පිංකම, පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ සෑම වසරකම කඨින පූජෝත්සවයට සමගාමීව සත් දිනක් පුරාවට සිදු කරනු ලබයි. මෙම පිංකම් මාලාවේදී පූජා කරනු ලබන අටපිරිකර, ගිලන්පස, මල්, පහන්, සුවද දුම් සහ අනෙකුත් පූජා ද්‍රව්‍යන්, ඒ සදහා දායකත්වය දරනු ලබන නිවසේ සිට විශේෂ පෙරහැරකින් විහාරස්ථානයට රැගෙන එනු ලබයි.
...

විහාර අංග

...

පැරණි ඡායාරූප