සුන්දර බොරලැස්ගමුව ග්‍රාමය

1929 වසරේ රත්තණපිටිය, එගොඩවත්ත දෙගම් වාසීන්ගේ මහත් වූ කැපවීම සහ උත්සහය මත බිහි වුණු පරමධර්මවර්ධනාරාම විහාරය පිහිටා ඇත්තේ බොරලැස්ගමුව නම් වූ සුන්දර ග්‍රාමයේය. දුටු දුටුවන් තව තවත් සන්සුන් කරවන, නිස්කලංක සහ රමණීය පරිසරයකින් සමන්විත මේ පූජා භූමිය පිහිටි ප්‍රදේශයේ ලිඛිත ඉතිහාස කතාව අදින් වසර 600කටත් වඩා එපිටට දිව යයි. කෝට්ටේ 6 වන පැරකුම්බා රාජ්‍ය සමයේ යාපනයේ පැවති යුද්ධය සදහා ආයුධ සැපයීමත්, හමුදාවට අවශ්‍ය කරන සෙබළුන් සහ වෙනත් ද්‍රව්‍යන් සැපයීමත් මෙම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් එකල සිදු වී ඇත. එම නිසාම අතීතයේ මෙම ප්‍රදේශය "බල රැස් ගම" යනුවෙන් ප්‍රකට විය. එවකට පැවති යුද්ධය ඉහළින්ම ජයග්‍රහණය කරමින් 6 වන පැරකුම්බාවන්, සිරිලක අවසන් වරට එක්සේසත් කළ රජු ලෙස ඉතිහාස පොතට එකතු විය.

යුද්ධ ජයග්‍රහණය උදෙසා ප්‍රදේශයේ ජනතාව ලබා දුන් දායකත්වය වෙනුවෙන් 6 වන පැරකුම්බා නිරිදුන්ද, ප්‍රදේශයේ කෙත් වතු අස්වද්දවා ස්වයංපෝෂිත කරමින්, බුදු සසුනේ අභිවෘද්ධිය උදෙසා වෙහෙර විහාර තැනුවේය. රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය නිර්මාණය වන්නෙ ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්කමක් උසුලන මෙවන් ශ්‍රේෂ්ඨ ජය භූමියකයි.

එක් දිශාවකින් පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය සහ පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනද, තවත් දිශාවකින් ඓතිහාසික පිල්ලෑව බෝ සමිදුන් සහ බෙල්ලන්විල රජමහා විහාරයද, රමණීය පිල්ලෑවේ වෙල් යාය සහ අත්තිඩිය කුරුළු අභය භූමියද පිහිටා තිබේ. රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය පිහිටා ඇත්තේ මේ සියල්ලක්ම මධ්‍යයේය.

විශේෂ නිවේදන

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථ මාසික සීල සමාදාන වැඩසටහන, සෑම පුර පසළොස්වක පොහෝ දිනකම උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ. තවත් බලන්න

වාර්ෂික වැඩ සැලසුම - 2026

ජනවාරි 01 - විශේෂ අටවිසි බුද්ධ පූජාව

පෙබරවාරි 03 - වාර්ෂික ගුණ සමරු පිංකම

පෙබරවාරි 04 - වාර්ෂික ගුණ සමරු පිංකම

අප්‍රේල් 15 - අවුරුදු හිස තෙල් ගෑම

තවත් බලන්න

නවතම ඡායාරූප