Paramadharmawardhanaramaya, Boralesgamuwa

Akila Karunarathne via Google

Calm and quite and helpful.

Rajitha Hiranya via Google

ලස්සන නිදහස් තැනක්.

Mallika Janis via Facebook

Shared this. Thank you.

Menaka Kumari via Facebook

Thanks for the information.

Sortorn Sorn via Facebook

Thank you so much for share.

Isuru Perera via Facebook

Most wonderful pic's in the World.

Lalani Pathirana via Facebook

There are many places that we not known... Thank you!
අප ශ්‍රී ලංකාවේ නුදුටු වැඳපුදා නොගත් තැන් කොපමණ ඇද්ද? ඔබට ස්තුතියි!

Deepak Pawar via Facebook

Thanks.
We are so happy to see Buddha's photos.
Namo Buddhay!

Zafar Mustafa Siddiqi via Facebook

Very beautiful paintings.
Nice art works.

Darshana Prabath via Facebook

පන්සලේ පල්ලියේ - දහදියෙන් අපි තැනූ
පිළිම දාගැබ් පෙනේ - ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි - ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ - වන්දනා ලබන්නේ

Chivantha Galanga via Google

Cool calm temple to worship.
Not crowded.
Situated in a calm neighborhood.

Lakmal Shiran via Facebook

සිත නිවෙනවා.
ගහකොලත් එක්ක තියෙන ඒ සුන්දරත්වය තවත් වැඩි කරනවා.

Janaka Lakmal via Facebook

ඔබ සැමට ගොඩාක් පිං

Georg Baun via Facebook

Shared !

Lakshan Gunawardena via Facebook

Nice

Suhas Gedam via Facebook

Namo buddhay

Shakila Thirimavithana via Facebook

සාධු සාධු සාධු

Amila Gamage via Facebook

A beautiful collection of images

Madhushi Kankanamge via Facebook

තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලාට.

Nbopearachchige Lasantha via Facebook

අපේ පන්සල ගොඩක් ලස්සනයි.

Deshal Wasana via Facebook

අපේ පන්සල.... සිත නිවන තැන!

Ratnavali Jayewardene via Facebook

So clean and inviting !

Melani Gunarathna via Facebook

හරිම ලස්සනයි.

Maryse Gimgembre via Facebook

Lovely

E.Nandasena via Google

Ivana Schramke via Facebook

Mahisha Jayakody via Facebook

Nipuna Pramuditha via Facebook

Thilini Jayaweera via Facebook

Waruna Niroshana via Facebook

Thanuri De Costa via Facebook

H.B.Akalanka via Facebook

Supun Sandika via Facebook

Wathila Manakamal via Facebook

Dasitha De Costa via Facebook

Upendra Alwis via Facebook

Thanushi Jayaweera via Facebook

Tharindu Kalum via Facebook

Rohana Wijeratne via Facebook

Heraliyawala Rathanathissa Thero via Facebook

Nilantha Wickramaarachchi via Facebook

Chamila Wijesooriya via Facebook

Rashini Samarasinghe via Facebook

Maheshika Gurusinghe via Facebook

Dhammika Wijeratne via Facebook

Supun Madhawa via Facebook

Dinesh Jayakode via Facebook

Most Late Ven. Veralugasthenne Pangnananda Thero (3rd Chief Prelate) via Book Records (2007)

රත්තණපිටිය ගම කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයට අයත්වන අතර එකල පොඩි ජනගහණයක් සිටි පුංචි ප්‍රදේශයකි. 1983 වර්ෂය වන තුරුම උතුරු බොරලැස්ගමුව නමින් හැදින්විය. 1929 වර්ෂයේදී ඇරඹි මෙම විහාරස්ථානයේ ආදි කතෘවරයාණන් වූයේ දන්කන්දේ උපතිස්ස ස්වාමීන් වහන්සේය. මාගේ ගුරුදේවෝත්තම අතිගරු වෙරළුගස්තැන්නේ ශ්‍රී පේමානන්ද ස්වාමීන් වහන්සේ එවකට ළාබාල වයස් ප්‍රමාණයේය. දන්කන්දේ ගුරු හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු 1942 ශ්‍රී පේමානන්ද මාහිමි පන්සලකට අවශ්‍ය විහාරාංග ඉදි කළා වගේම, තම දායක පිරිසගේ දරුවනට දහම් මග කියා දීමට "සිරි සුජාතා" නමින් දහම් පාසලක්ද ආරම්භ කර වූහ. සිසුන් 14කින් දහම් පාසල ආරම්භ වී ඇත. එකල, මෙකල මෙන් නොව ආගමික අධ්‍යාපනය ඉතා දුර්වල විය. විහාරස්ථානයක චිර පැවැත්ම සදහා මෙය මහෝපකාරී විය. වර්ෂයෙන් වර්ෂය දහම් පාසල දියුණු වූ අතර අවට ගම්වලින්ද දරුවන් ඇතුළත් වීම වැඩි විය. මෙසේ දියුණු වූ දහම් පාසල හා රාත්‍රී ඉංග්‍රීසි පාසලද සමගාමී විය. මෙම පාසල සදහා ගිහි පැවිදි හොද ගුරු මණ්ඩලයක්ද සිටි බව ඉපැරණියෝ දනිති. 1953 රටේ දේශපාලන කැළඹීම නිසා මෙම අධ්‍යාපනය අතරමග ඇන සිටියේ ය. යළි 1958දී දහම් පාසල ආරම්භ විය. දහම් පාසල පියවරෙන් පියවර දියුණු විය. හරවත් රුකක් මෙන්ද රසවත් පළතුරු ගසක් මෙන්ද විය.

කාලයාගේ ඇවෑමෙන් ඇද වැටීමද යළි නැගිටීමද ධර්මතාවයයි. විහාරස්ථානයේ වැඩ සිටින හිමිවරුන්ගේද, සෙත් පතන්නන්ගේද බලවත් කැපවීම එදා පටන්ම සිරිතකි. මා දන්නා තරමින් ගුරු මණ්ඩලයේ ගිහි පිරිස අතර අමතක නොවන නම් රාශියකි. ඒ අතර ඩෙරික් ෆොන්සේකා, රාජා කන්නන්ගර, ඩී.බී.ලීලාවතී යන මහත්ම මහත්මීන් කිහිපදෙනෙකි. විහාරස්ථානයත්, ගමත්, දායක පිරිසත් ආරක්ෂා කරමින් ඉතා සුහදව දහම් පාසල දියුණු කළ පෝෂණය කළ ප්‍රධානාචාර්යවරුන් අතර ගරු කහවත්තේ ආනන්ද හිමි, ගරු කැටකාලේ උපරතන හිමි සදා මතකයේ සිටිති. ගමේ පන්සලේ දහම් පාසලෙන් අධ්‍යාපනය ලබන දරුවන් ගමට ආදරය කළ යුතු පන්සලට සංඝ රත්නයට ආදරය ගෞරවය කළයුතු තම සමීප ඥාතීන් හිතවතුන් සමග ආචාරශීලීව ජීවත්විය යුතුවා මෙන්ම විශ්වාසයටද පත්විය යුතුයි. මනාව දහම් දැනුමින් තම ජීවිතය සරුසාරවත් කළ යුතුයි. බුද්ධිය, ප්‍රඥාව වගේම මනස සංසුන් බවද දහම් පාසල තුළින් ලබා ගැනීම අදට අත්‍යාවශ්‍යයම පුහුණුවකි. හොද ගුරුවරුන් යටතේ දහම් අධ්‍යාපනය ලබන දරුවෝ සමාජයේ ගරු ලබති. ඔවුහු ගෙදරට, ගමට, ප්‍රදේශයට සාමය ගෙනෙන දූතයෝය. අප දහම් පාසලෙන්ද, රත්තොට සීලවංස පොඩි හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන එන ආචාර්ය මණ්ඩලයෙන්ද, දහම් පාසල් සංවර්ධන සමිතියේ අනුග්‍රහයෙන්ද ඉතා හොද කීකරු විනීත ගුණ නැණැති පිරිපුන් දරුවන් පිරිසක් බිහිවේවායි යන්න මගේ පැතුමයි.

Ven. Dutuvewe Lankananda Thero (Dhamma School Teacher - Active : 1996 - 2000) via Facebook

අතිගරු වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් ගොඩනඟන ලද මෙම පුණ්‍ය භූමියේ, ගරු වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යටතේ අපද වසර ගණනාවක් සෙවණ ලබමින්, වසර ගණනාවක් ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ මෙහි වාසය කළෙමු. උතුම් වූ මහා සංඝරත්නයේ ආශිර්වාදය අපට ලැබුණි. සැදැහැවත් දායක පින්වතුන්ගේ සහයෝගය දායකත්වයේ උපකාරය අපට ලැබීම, අප ගෞරවයෙන් සිහිපත් කර සිටිය යුතු වේ. බොරලැස්ගමුව රත්තනපිටිය ශ්‍රී පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය අපේ ජීවිතයේ අපට අමතක කළ නොහැකි පුණ්‍ය භූමියකි. එහි වත්මන් කටයුතු සිදුකරනු ලබන අපේ ගෞරවනීය නායක පණ්ඩිත ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, සියලු දායක පින්වතුන්ටත් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය, විහාරස්ථානය කටයුතු සඵල වේවායි ප්‍රාර්ථනා කර සිටිමු.

රත්තණපිටිය පරමධර්මවර්ධනාරාමයේ ලැගුම් ගෙය ඉදිරිපිට ඇති පරණ ධර්ම ශාලාව වන දහම් පාසල් ගොඩනැගිල්ල, එකල දැල් ගසා තිබූ අතර මෙම ශාලාවේ අපි පාඩම් කිරීමේ කටයුතුවල නිරත වූවෙමු. මෙහි ඉදිරිපස විශාල කොස් ගසක් තිබුනි. කෘතවේදීව පුණ්‍යානුමෝදනා පූර්වකව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කරමි. රත්තනපිටිය විහාරස්ථානයට සම්බන්ධ දායක පින්වතුන් අප කෙරෙහි මෛත්‍රී සහගතව දක්වන ලද කුදුමහත් උදව් උපකාරද ගෞරවයෙන් කෘතවේදීව සිහිපත් කරමි. අබේවර්ධන නෝනා සභාපති කිරි අම්මා ඇතුළු පිරිස අපට සැලකිලි දක්වන ලද්දේ දරුවන්ට මෙනි. බෝධීන් වහන්සේ අබියස සිට අප එදා දහම් පාසල් සිසුන්ව පන්සිල් සමාදන් කරවා, මල් පහන් පූජා කරන ගාථා කියවා, කතා පැවැත්වීම සිදු කළෙමු. වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වූහ. 2007 දක්වා උන් වහන්සේ විහාරාධිපති ධූරය දැරූ අතර වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් යුතුව කටයුතු කරන ලදී. සිය ගුරු දේවයන් වහන්සේ වන වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සිදුකරගෙන ආ කටයුතු ඊටත් වඩා හොඳ මට්ටමෙන් සිදු කරමින් විහාරස්ථ දායක සමිතිය, කුලඟන සමිතිය, දහම් පාසල, ස්වෙච්ඡා සමිති සමාගම්, ගම, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය, නාගරුක්ඛාරාමය ඇතුළුව ඉතාම මිත්‍රශීලීව අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ කටයුතු කරමින් හිත් දිනාගෙන කටයුතු කළ සේක.

ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේගෙන් මම උගත් ධර්ම පාඨයක් මෙසේ ලියා තැබීමට අදහස් කරමි.
" අලමේව දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං "
නිතර නිතර දන් දිය යුතුය. නිතර නිතර පින් කළ යුතු ය. නිතර නිතර දන් දීම, නිතර නිතර පින්කම් කිරීම සසර සැපවත් වීමට හේතුවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක....

මේ ධර්ම පාඨය අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ධර්ම දේශනාවල නිරතුරුව සටහන් කළ දෙයකි. අපේ ලොකු හාමුදුරුවෝ තමන්ට ලැබෙන සියල්ලම දන්දීමට නොපැකිළව කටයුතු කළහ. පුවත්පත බලා එහි යම් කෙනෙකුන්හට යම් කරදරයක්, දුකක් ඇති වෙලා තිබේ කියා සටහන්වෙලා තිබේ නම්, අපේ ගෞරවනීය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවෝ විහාරස්ථානයේ තමන් සතුව තිබෙන සියල්ලම රැගෙන එම ස්ථානයට ගොස් පරිත්‍යාග සිදු කළ බව අප අත්දැකීමෙන් දන්නා කාරණයකි. ඒ කාලයේ මගේ මතකයට නැගෙන මතකයක් මෙහිලා සටහන් කිරීම යුතුකමකි. "පන්සල පොඩ්ඩක් බලාගන්න. අවශ්‍ය දෙයක් තියෙනව නම් ඉටුකර දෙන්න. මම අසරණ කෙනකුට පිහිට වන්නට යනවා. ඔබ වහන්සේට පුළුවන් ආකාරයෙන් මේ කටයුතු ටික ඉටු කරන්න" යැයි අපට අවවාද අනුශාසනා කරන වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රටේ කොයි දිසාවකද යම් අසරණ කෙනෙක් පිළිබඳව පුවතක් තමන් දුටුවේ.... ඒ කෙනාට පිහිටවීමට තමන්ට දානයට, පිරිතට, ධර්ම දේශනාවට ලැබුණ, තව දායකයන් ලබා දුන්න, ඕනෑම දෙයක් තිබේ නම්, ඒ වටිනාකම පිළිබඳව නොසලකා, ඒ දානය දීම සඳහා එය පරිත්‍යාග කිරීමට තමන් සතු සියල්ලම රැගෙන වැඩම කළ ආකාරය අප සිහිපත් කරන්නේ ඉතාම කෘතවේදීවය. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ තුළ තිබුණ එම ගුණය අපටද යම් කලක් යනවිට ඇතිවීම නොවැළැක්විය හැකි විය.

ඉතාම සරල ජීවිතයක් ගත කළ වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ සැතපී වදාරන්නේ කොහොඹ ලෑලි සහිත ඇඳකය. මෙට්ටයක් නොමැත. කොහොඹ ලෑල්ලක් සහිත ඇඳේ සිවුරු රෙද්දක් අතුරා එහි සැතපීම පුරුද්දක් ලෙස සිදු කරන ලදී. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ වැනි උත්තම වූ මහා සංඝ රත්නයක් ඇසුරු කිරීමට ලැබීම අප ජීවිතයේ ලද භාග්‍යයකි. වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිරිතක් වූයේ රාත්‍රී 8.30, ඉන්පසුව රාත්‍රී 10.00 දක්වා පමණ බෝධීන් වහන්සේ වටේට, චෛත්‍යරාජාණන් වහන්සේ වටේට සක්මන් කරමින් පිරිත් සජ්ඣායනා කිරීමයි. අති ගෞරවනීය වෙරළුගස්තැන්නේ පේමානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහ අති ගෞරව වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මා කළ පින් සියල්ලම වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමි! අනුමෝදන් කරමි! අනුමෝදන් වේවා!

Ven. Baddegama Wansalankara Thero (Dhamma School Principal - Active : 2007 - 2011) via Facebook

පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය, දිනෙන් දින දියුණුවට පත්වනවා දැකීම, ඉතාමත් සතුටට කරුණකි. අප භෞතික සම්පත් මෙන්ම විශේෂයෙන්ම මානව සම්පතද දියුණු කළ යුතුයි. දහම් පාසල යනු ඊට කදිම තෝතැන්නකි. අප ජාතියක් ලෙස පිරිහීමට හේතුව, අප සතුව ඇති එම මානව ශක්තියේ අඩුවීම බව මාගේ මතයයි.

Most Ven. Gombaddala Damitha Thero (Secretary of "Shasanarakshaka Mandalaya" - Year 2007) via Book Records (2007)

දරුවෙකුගේ පෝෂණය කළයුතු අංග තුනක් ඇතැයි අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ පෙන්වාදෙති. එනම හිස, හදවත හා අතපයයි. හිස දැනුමෙන්ද, හදවත ආකල්පවලින්ද පෝෂණය විය යුතුමය. එහෙත් විභාග ඉලක්ක කරගත් නූතන තරගකාරී අධ්‍යාපන රටාව යටතේ වත්මන් පාසල් අධ්‍යාපනය මගින් බොහෝවිට සිදුවනුයේ හිස දැනුමෙන් හා අතපය කුසලතාවලින් පෝෂණයවීම පමණි. හදවත් පෝෂණය සදහා වෙන්වූ අධ්‍යාපන ක්‍රියාදාමයෙන් න්‍යායාත්මකව පහදා දී තිබුණද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනවා අඩුය. නූතන අධ්‍යාපනය තුළින් සිදුවන මෙකී අඩුපාඩුව යම්තාක් දුරට හෝ මගහරවමින් අපේ දරු පරපුරෙහි හදවත්වලට තෙත් බව එක් කරන එකම අධ්‍යාපන පද්ධතිය වී ඇත්තේ ලක්දිව ක්‍රියාත්මක වන දහම් පාසල් පද්ධතියයි. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිදුන්ගේ සංකල්පයක් මත මීට සිය වසරකට පෙර ඇරඹි මෙම දැවැන්ත ස්වේච්ඡා ව්‍යාපාරය අද සිරිලක පුරා විදිදුණු සුවිසල් ව්‍යාපාරයක් වී හමාරය. එසේ විහිදුවන දහම් තක්ෂිලා යදමෙහි තවත් එක් පුරුකක් ලෙස කැස්බෑව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් රත්තණපිටිය සිරි සුජාතා දහම් පාසල හැදින්විය හැක.

එවකට වැඩ සිටි අතිගරු වෙරළුගස්තැන්නේ පේමානන්ද මාහිමියන්ගේ සංකල්පයෙන් ගොඩනැගුනු මෙම දම් පියස, ප්‍රදේශයේ දහම් දරු දම් පවස් නිවාලූ සිහිල් දිය දහරක්ම විය. දහම් දරු දැනුම වඩවන අතරම ඔවුන්ගේ කථික, ලේඛන, ගායන, කුසලතා වර්ධනය සදහාද සිරි සුජාතා දම් මවුන්ගෙන් ලද දායකත්වය අපමණය. සිය ගුරු හිමියන් ඇරඹූ මෙම දහම් පෙත දින දින සරු සාර කරවමින් රටට අවැසි ගුණ නැණ පිරි දහම් දරු පිරිසක් වසරින් වසර ප්‍රදේශයට දායාද කරවමින් මෙහෙවර ඉදිරියට ගෙන යන වත්මන් නියමුවාණන් වන අතිගරු වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් දක්වන කැපවීම මෙහෙදී අගය කළ යුතුමය. තවද උන්වහන්සේට මහත් අස්වැසිල්ලක් ගෙන දෙමින් අද දින දම් පියසේ සියළු බර උර දරා මෙහෙවරෙහි යෙදෙන රත්තොට සීලවංස පොඩි හාමුදුරුවන්ගේ කාර්යභාරයද වත්මන් ගුරු පියසගේ මනා කැපවීමද මෙහිදී අගය කළ යුතුමය. සිරි සුජාතා දම් මවුන් සහස් ආයු ලැබ දිගුකල් දිනේවා!

Mrs. Padhma Thenuwara (Dhamma School Teacher) via Book Records (2007)

පුරා වසර විසිපහක කාලයක්, රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම පින් කෙතෙන් බිහිවුණු සිරි සුජාතා හදම් පාසලේ, මාහට හැකි පමණින් ගමේ දරුවන් බොහෝ පිරිසකට දහම් සිසිල් පැන් පොදක් ලබාදීමට හැකිවීම, මම සිදු කරගත් මහා පිංකමක් ලෙස සලකමි. සෑම බොදුනුවෙකුගේම ජීවනාලිය වන්නේ ගමේ පන්සලයි. එය රැකගැනීම ඔවුන්ගේ යුතුකමකි. අද දහම් පාසලට එන ඔබේ දූ පුතුන් හෙට දවසේ පන්සල සුරකින් දායක පිරිස වෙති. එයට යහපත් පෙර දැක්මක් හා හොද එකමුතු බවක් අවැසිමය. මෙය වටහාගත් දයාබර දෙමාපියෝ ගමේ දහම් පාසල අමතක නොකළහ. ඔවුහු අදද හෙටද එසේමය.

Mrs. Leelawathi Senavirathne (Dhamma School Teacher - Active : 1955 - 2010) via Book Records (2007)

වසර පනහකට අධික කාලයක් - සිරි සුජාතා දහම් පාසල් මාතාවගේ....
උකුලේ නැලවෙමින් - සදහම් සිසිලස උරා බී....
දියුණුවේ මංපෙත පාදාගත් මා - එහි දිගු ඉතිහාසයක් ඇත්තෙක් වෙමි....
රත්තණපිටිය සහ අවට ගම්වාසී දරු දැරියනට - පින්කෙතක් බදු වූ දහම් පාසල් මාතාවෙනි...
ඔබේ මේ දිගු ගමනට ආසිරි පතන්නේ - ඔබේම ආදී ශිෂ්‍යාවයි....

Navindu Weerakoon (Dhamma School Head Prefect - Year 2007) via Book Records (2007)

අප විසි එක්වන සියවසට පා තබා ඇත්තෙමු. පෑයූ අළුත් හිරුගේ අළුත් හිරු කිරණ මේ මහපොළව සිප සනසා ගන්නාවිට, අප සැම අළුත් ජවයකින් පෙළ ගැසී සිටින්නෙමු. මේ පරවන්නට නොව, පිපෙන්නට කාලයයි. නව විසි එක්වන සියවසේ කාර්මික සංවර්ධනයේ අවිඥානක නියමුවන් වී ඇති අපි සැම අතාත්වික යථාර්ථයක් පිළිබද සිහින දකිමින් සිටින්නෙමු. ඒ අතාත්වික යථාර්ථය තුළ හැගීම්, දැනීම්, බැදීම්වලට ඉඩක් නොමැත. මේ, ඒ අතාත්වික යථාර්ථයෙන් මිදීමට කාලයයි. හැගීම්, දැනීම් හා බැදීම් ගොඩනගා ගතයුතු කාලයයි. නැතහොත් අප කෙදිනකවත් අපව හදුනා නොගනු ඇත. මේ ලොව ඇති එකම පරම පූජනීය සත්‍යය වන බුද්ධ දේශනාව ඉත සිතින් පිළිගැනීම අත්‍යවශ්‍යම කාලයයි. නැතහොත් කොසොල් රජු දුටු සිහින අප ඇස් පනාපිටම දර්ශනය වනු ඇත.

දහම් පාසල් ජීවිතය තුළින් ගමේ පන්සලේ බැදීම් තුළින් අනාගතයට සුභ සිහින දැකිය හැකි දරු පිරිසක් බිහිකළ හැක. එවිට යහපත් දරු දැරියන් පිරිසක් බිහිවනු ඇත. එම කාර්යය වසර ගණනාවක් පුරාවට ඉටු කරනා සිරි සුජාතා දහම් පාසලේ ප්‍රධානාචාර්යවරුන්ටත්, ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ටත්, සියළුම දෙමාපියන්ටත් මම මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි. අපි අපේ ගම, පන්සල, දහම් පාසල රැකගැනීමට අත්වැල් බැද ගත යුතු කාලය එළඹ ඇත. චිරංජයතු සිරි සුජාතා දහම් පාසල් මෑණියනි !

Mrs. Jayani Thenuwara (Secretary of Dhamma School Development Society - Year 2010) via Book Records (2010)

"සිරි සුජාතා" නාමයෙන් වසර ගණනාවක් ගමේ දරුවන්ට ගුණ නැණ ලබා දුන් මේ පින් කෙත තවදුරටත් ඉතා වැදගත් තෝතැන්නක් බවට පත්කිරීම අපගේ එකම අරමුණයි. අපවත් වී වදාළ විහාරාධිපතිව වැඩ විසූ ගරුතර පූජ්‍යපාද අප වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ සැමරුම් වස් "සිරි පඤ්ඤානන්ද" නාමයෙන් අද පවත්නා මෙම දහම් පාසල අනාගතයේ බිහිවන දරුවන්ටද උතුම් තක්සලාවක් බවට පත්කරන්නට වත්මන් නිළධාරී මඩුල්ල ගන්නා උත්සාහය ඉතා අගය කොට සළකමි. සිරි පඤ්ඤානන්ද දහම් පාසලේ සියලු දරු දැරියන්ට අනාගත දියුණුව සැලසේවායි ශුභාශිංසනය කරමි.

Devinda Sooriyabandara Thennakoon (Dhamma School Head Prefect - Year 2010) via Book Records (2010)

වසර ගණනාවක් පුරා, ගමේ දුවා දරුවන්ගේ දහම් පවස නිවාලන සිසිල් දිය දහරාවක් වෙමින් උගත්, නැණවත්, ගුණවත්, යහපත්, දැහැමි, බොදු දරු පරපුරක් සමාජයට බිහි කිරීමට සිරි පඤ්ඤානන්ද දහම් පාසල් මෑණියන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන්නීය. නූතන තරගකාරී අධ්‍යාපන රටාවෙන් මිදී දරුවෙකු දැනුමෙන්, කුසලතාවලින් මෙන්ම ආකල්පයන්ගෙන්ද පෝෂණය කිරීමට අප දම්පියසේ සෑම සියලු දෙනාම බැදී සිටිති. හිසක් පමණක් ඇති පුරවැසියෙකු සමාජයට තිළිණ කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී, හිසක් සමගම හොද හදවතකුත් ඇති යහපත් පුරවැසියෙකු සමාජයට දායාද කිරීම අප දහම් පාසල් මාතාවගේ ඒකායන අරමුණයි. එම අරමුණ ඉටු කිරීමට වෙහෙස මහන්සි වන, දහදිය වගුරුවන සිරි පඤ්ඤානන්ද දම් පියසේ ප්‍රධානාචාර්යවරයන් වහන්සේටත්, ආචාර්ය මණ්ඩලයටත්, සියලු දෙමාපියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

Dhamma School Development Society - Year 2013 via Book Records (2013)

මේ අපේ ගමේ විහාරයයි. විහාරස්ථ දහම් පාසලේ ඉගෙන ගන්නේ අපේ දරුවෝයි. දහම් පාසලේ සංවර්ධනය උදෙසා දහම් පාසල් සංවර්ධන සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයන් වන අපි කැපවීමෙන් කටයුතු කරමු. අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලදුව, අති පූජ්‍ය වෙරළුගස්තැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංවර්ධනය කරන ලද, මෙම දහම් පාසල අර්ථවත් කිරීම සදහා වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය රත්තොට සීලවංශ ස්වාමීන් වහන්සේ විසින් දරන ප්‍රයත්නයට අත හිතදීමට අප සැදී පැහැදී සිටිමු. අපේ දහම් පාසල, ප්‍රදේශයේ අගනාම දහම් පාසල වේවා යැයි ප්‍රාර්ථනා කරමු.

Danula Wickramaarachchi via Facebook

1929 වසරේ පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය නිර්මාණය වන්නේ රත්තණපිටිය, එගොඩවත්ත, බොරලැස්ගමුව යන ප්‍රදේශයන් ත්‍රිත්වයේම සිටි බෞද්ධ බැතිමතුන්ගේ මූලිකත්වයෙනි. එම කාලයේ සිටම අප විහාරස්ථානයේ සෑම වැඩ කටයුත්තකදීම මෙම ප්‍රදේශ ත්‍රිත්වයේ සිටින ගම්වැසියන්ගේ සහභාගීත්වය දැකිය හැක. අද වන විට බොරලැස්ගමුව රත්තණපිටිය ප්‍රදේශය තුළ නාගරික පරිසරයක් ගොඩ නැගී තිබුණත්, අදටත් පරමධර්මවර්ධනාරාමය කේන්ද්‍ර කරමින් "ගමයි පන්සලයි" යන සංකල්පය ක්‍රියාත්මක වන අතර විහාරස්ථානයක තිබිය යුතු සෑම අංගයකින්ම සමන්විත, නිහඩ නිස්කලංක හරිත පරිසරයක පිහිටා ඇති පරමධර්මවර්ධනාරාම විහාරස්ථානය අද පවතින ආකාරයට දර්ශනය වන්නේ අතීතයේ ජීවත් වූ සහ වර්තමානයේ ජීවත් වන ගිහි පැවිදි පිරිස් දහස් ගණනකගේ අදහස්, සැලසුම්, ආධාර, පරිත්‍යාග, උත්සාහය, කැපවීම, දහඩිය, කදුළු, කාලය, දැනුම, බුද්ධිය, කුසලතා, දක්ෂතා, රුධිරය සහ ස්පර්ශයන්ගේ ප්‍රථිපලයක් ලෙස බව ගෞරවයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි.